Ticker

6/recent/ticker-posts

තවත් මේ කතා අහන් ඉන්න බැ… ඔපරේශන් එකට දුන් ලක්ෂ 5 ආපහු දෙනවා..” – දයාසිරි ජයසේකරගෙන් සියල්ලන් මවිත කරවන ප්‍රකාශයක්..

 

බලු කතා අසා සිටිය නොහැකි හෙයින් ජනාධිපති අරමුදලින් සිය සැත්කමට ලැබුණු රු. ලක්ෂ 05ක මුදල නැවත ගෙවීමට තමන්ට උවමනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එහෙත් එසේ කළහොත් තමන් වංචාවක් කළ නිසා නැවත එම මුදල් ලබා දුන්නේ යැයි චෝදනා කරනු ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

තමන් මහා වංචාවක් කළේ යැයි ආණ්ඩුව චෝදනා කළ ද එය ජනාධිපති ප්‍රමුඛ කමිටුවක් මගින් අනුමත කර ලබා දී ඇති බවයි, ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවට තමන්ට එරෙහිව නැගිය හැකි එකම චෝදනාව මෙය බවත් ඒ සඳහා කෙතරම් අපහසුතා තිබුණ ද ලක්ෂ 10ක් වුව ද ගෙවීමට තමන් සූදානම් බව ද දයාසිරි ජයසේකර අවධාරණය කරයි.

ස්වර්ණවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Asian Mirror

Post a Comment

0 Comments